මගේ තාත්තා අවස්ථාවාදියෙක්…! රට දියුණු නොවුණේ ඔහුගේ ප්‍රතිපත්ති නිසයි…!

June 18, 2023 at 9:20 am | by emanisa.lk

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ දියණියක වන සුනේත්‍රා බණ්ඩාරනායක සිරස රූපවාහිනී නාලිකාව සමග සිදුකළ සාකච්ඡාවක කොටසක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

මාධ්‍ය – කෙනෙක් ප්‍රශ්නයක් අහනව ඔබේ පියා Sinhala Only ප්‍රතිපත්තිය නොගෙනාවා නම් මේ රට දියුණු වෙලා ගොඩක් කල් කියලා. බර්ගර් වරු රටින් ගියා. දක්ෂ දෙමළ අය රට හැර ගියා. මෙයට පිළිතුරු දෙන්න කැමතිද?

සුනේත්‍රා – ඔව් . මට පිළිතුරු දෙන්න ඔනී. ඔහු මගේ පියා. නමුත් මම ප්‍රශ්නය අහපු කෙනත් එක්ක එකඟයි. ඇත්ත කියන්න ඔනී. ඔව්.

ඇයි ඔහු එහෙම කරේ. එක එක විදිහට අනුමාන කළ හැකියි. අවස්ථාවාදය නිසා වෙන්න පුළුවන්. දේශපාලන වාසිය තකා වෙන්න පුළුවන්. ඒත් ඔබෙන් ප්‍රශ්නය අහපු කෙනා කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඒ ගැන මා ගැඹුරින්ම් දුක් වෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *