මගේ චරිතය ඝාතනය කරන්න හදනවා…! – පැතුම් කර්නර් CIDයට….

April 21, 2023 at 11:43 am | by emanisa.lk

සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ගාලු මුව‍දොර අරගලකරුවන්ගේ චරිත ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අරගලයේ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම දේශපාලන කණ්ඩායම් අරගලකරුවන් මුදල් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බව ත් ඒ අනුව අරගලයේ ක්‍රියාකරුවෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න ලියූ බව කියමින් ව්‍යාජ ලෙස සකස් කළ ලියුමක් සමාජ මාධ්‍යවල සැරිසරන බවත් පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

පසුගිය දා අවාසනාවන්ත ලෙස මිය ගිය බුද්ධි ප්‍රබෝධ මෙම ලිපිය නොලියූ බවට තහවුරු කළ හැකි සාක්ෂි තිබෙන බව පවසන පැතුම් කර්නර් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ල මගින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස