මං ජනාධිපති වුණා ම මේ නඩු හුටපට ඔක්කෝම ඉවරයි..! – විජයදාස

June 24, 2024 at 6:31 pm | by emanisa.lk

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

“ජනාධිපතිවරණයට එනවා. අපි දිනනවා. ඊට පසසේ මට විරුද්ධව ආපු නඩු ටික ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පක්ෂ නායකත්වය ගැන ගැටලු එන්නේ නෑ.
පක්ෂයේ නායකත්වය සහ ‍තනතුරු දරනවා කියන අය‍ මේ මහනුවරට ආවොත් එහෙ ගහලා පන්නනවා කිව්වා පාක්ෂියෝ. පාක්ෂිකයෝ යහතින් ඉන්නවා. අර පැනපු කණ්ඩාමේ අය 10ක් 12ක් එයාලගේ මඩි තර කර ගන්න පක්ෂය පවා දෙන්න උත්සහ කරනවා.”

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *