බෞද්ධ විහාරය ළඟ ජාතිවාදී ජනපද හදනු එපා…! – කුරුන්දි වෙහෙර රැකගන්න මහ සඟරුවන ජනපතිට ලියයි…

June 14, 2023 at 11:29 am | by emanisa.lk

අතිගරු ජනාදිපතිතුමනි:

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහ ජනතාවට පවරා දීම සඳහා නියමයක් කර ඇති බව මාධ්‍යවලින් දැන ගතිමි.

කුරින්දි විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී තිබේ. එබැවින් මේ ඉඩම් ආවාට ගියාට බෙදා දීම සුදුසු නැත.

එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදි අරගලවලට සහාය දෙන උදවියට ඉඩම් ලබා දීමද සුදුසු නැත. මෙයින් බලාපොරොත්තු වී ඇත්තෙ බෞද්ද නටබුන් අසල ජාතිවාදින්ට ජනපද අත්කර දීමකි. දැනටද රජයෙන් ඉඩම් බෙදා දුන්නත් නොදුන්නත් වැරදි ලෙස බලෙන් ඉඩම් අල්ලා ගෙන සිටින බව පෙනේ.

ඒ නිසා මේ ඉඩම් අයිතිය පැවරීම නොකළයුතු බවත් අනාගතයේ දි එයින් මහා විනාශයක් සිදු විය හැකි බවත් කරුණාවෙන් දන්වන අතර එම ක්‍රියාවලිය නවත්වන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි.
මෙයට,
පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්‍ය එල්ලවල මේධානන්ද නා හිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *