බෞද්ධයින්ට කදුරුගොඩ වෙහෙර වැඳපුදා ගන්න ඉඩදීම වැරදියි…! එය උතුර සිංහල බෞද්ධ ආධිපත්‍යයට යට කිරීමක්…! – ආචාර්ය නිර්මාල් දේවසිරි…

May 15, 2023 at 6:00 pm | by emanisa.lk

පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කො ඇති යාපන කදුරුගොඩ විහාරය වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධයින්ට ඉඩදීම වරදක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

බොරු කයිවාරු නැතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කරනු!

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ පොලීසිය ක්‍රියාත්මක වෙන ආකාරයටයි. නීතිය උල්ලංඝනය කිරීමට කට්ටියකට ඉඩ තිබේ. ඒ අය නීතිය උල්ලංඝනය කරන විට පොලීසිය ඔහේ බලා සිටී.

කන්දරෝඩෙයි යනු උතුරේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය තහවුරු කෙරෙන ආකාරය පිළිබද ජීවමාන නිදර්ශනයකි. බොරුවට පුරාවිද්‍යා ස්ථානයක් යැයි බෝඩ් ලෑලි එල්ලා ඇත.

නිර්මාල් දේවසිරි
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස