බාර්කාරයින්ට ඡන්දේ දෙන්න එපා කී ජවිපෙන් ඡන්දෙට බාර්කාරයෙක්…!

February 13, 2023 at 3:13 pm | by emanisa.lk

බාර් අයිතිකාරයින්ට ඡන්දය දෙන්න එපා යැයි කී ජනතා විමුක්ති පෙරමුණ බාර් හිමියන්ට ද අපේක්ෂකත්වය ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල චෝදනා නැඟෙයි.

ඊට හේතු වී ඇත්තේ දිඹුලාගල ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගය යටතේ මෘදු මැත්පැන් අලෙවි බලපත්‍රයක් ඉල්ලා සිටි සමන් කුමාර නම් ව්‍යාපාරිකයෙකු ද තරඟ වැදීමය.

කෙසේ වුව ද එය මෘදු මත්පැන් බලපත්‍රයක් බවත් එහෙයින් එය වරදක් ලෙස සැලකිය නොහැකි බවත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *