බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව කොටි එංගලන්තයේ නඩු යයි! සාක්ෂියට සිංහලයන් දෙදෙනෙක්!

January 18, 2019 at 12:27 am | by admin

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා ඇත. මෙම නඩුව ජනවාරි 21 දා විභාගයට ගැනීමට එම අධිකරණය ඊයේ (17 දා) තීරණය කළේය.

මේ නඩුවේ පැමිණිලිකරු ලන්ඩන් නුවර ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සතානන්දන් නමැත්තායි. නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස පල්ලිය ගුරුගේ සහ විනෝද් ප්‍රියන්ත පෙරේරා යන දෙදෙනා නම්කර ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙය ය. මේ නඩුව පැවරූ කොටි ක්‍රියාකාරීන් වෙනුවෙන් ලන්ඩන් නුවර පෝලිංහරන් සහ හෙලන් මෝටම් යන නීතිවේදීන් දෙදෙනා පෙනී සිටී.

2018 ජනවාරි 4 දා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ ගැන ලන්ඩන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කි‍්‍රයා කළේ නැති බව, පැමිණිලිකරු වන සත්‍යානන්දන් සිය පැමිණිල්ලේ දක්වා ඇත.

බ්‍රිතාන්‍ය මහජන ආරක්‍ෂක පනතේ 4 වැනි වගන්තිය යටතේ මේ නඩුව ගොනු කරන බවද පැමිණිලිකරුගේ නීතිවේදියා සඳහන් කර ඇත.

එසේම බ්‍රිගේඩියර්වරයාට එරෙහි චෝදනා ඇතුළත් සිතාසිි ඔහු වෙත යවා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැති බවත් පවසන පැමිණිලිකරු ඔහු නැතිව හෝ නඩුව විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස