බස් කර්මාන්තය කරගෙන යන්න බෑ! අවම ගාස්තුව රු. 15ක් කරන්න! – සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය..

June 20, 2019 at 10:42 am | by emanisa.lk

ජූලි පළමු වන දින සිට සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 15ක් කරන ලෙසට රජයට යෝජනා ලබාදුන් බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

එතැන් පටන් ගාස්තුව වාර්තමානයට ගැලපෙන ලෙස පවතින පිරිවැය ගණනය කර ලබාදෙන ලෙසට ජාතික ගමනා ගමන කොමිසමට යෝජනා කළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.

අවම ගාස්තුව හා ගාස්තු දෙකක් පමණක් අයකරන බස් රථ පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට අර්බුදයට ලක්ව තිබෙන නිසා අවම ගාස්තුව රුපියල් 03කින් ඉහළ දමන ලෙසට යෝජනා කළ බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස