බදු සංශෝධනය කළ යුතුයි…! – නාමල්…

February 1, 2023 at 4:12 pm | by emanisa.lk

ඉදිරියේ දී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

“බදු පිළිබඳව අපිටත් චෝදනා තිබෙනවා. බදු ප්‍රමාණය වැඩියි. හැබැයි එදා අරගල කළේ බදු අයින් කළේ ඇයි කියලා අහලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනාව. අද බදු දාලා තියෙනවා.

කොහොම වුණත් මේ කාරණාවල දී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *