බදු වැඩියි කියල කෑ ගහන්නේ ඉහළ ආදායම්ලාභීන්…! – මහ බැංකු අධිපති…

April 4, 2023 at 3:09 pm | by emanisa.lk

දැනට හඳුන්වා දී ඇති බදු පැකේජය ඉවත් කළ හැක්කේ ක්‍රම දෙකක් ඔස්සේ පමණක් බව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

“වෘත්තීය සමිතිවල සාකච්ඡාවකට එහා ගිය වෘත්තීය මට්ටමේ සාකච්ඡාවක් තමයි මෙතැන සිදුවෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවක් ගිහිල්ලත් සාර්ථක වීමට නොහැකි වුණේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකළ නිසයි.

සාකච්ඡා මාර්ගයකින් තමයි බදු වැඩි කිරීම සිදු වුණේ. දැන් ඒ ඇති කර ගත් එකඟතා ඉවත් කිරීම රටක් විදිහට ප්‍රායෝගික නැහැ. බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තිබෙන්නේ. එකක් තමයි මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම. දෙවැනි ක්‍රමය තමයි රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම.

මේ දෙකම කෙටි කාලයකින් කරන්න බැහැ. පෞද්ගලික අංශය යම් යම් වෙනස්කම් කරලා තිබෙනවා. මේක සාර්ථකව ක්‍රියාත්මක කළොත් ඊළඟ අවස්ථාවේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඉහළ ආදායම් ලබන පිරිස් තමයි මේ තත්ත්වය මාස 06ක කාලය දරා ගත නොහැකි බව කියමින් විවේචනය කරන්නේ.”

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *