පො‍හොට්ටුව විපක්ෂයට…! විපක්ෂ නායක ධූරය නාමල්ට…!

October 15, 2023 at 4:03 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ විපක්ෂ නායක කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බවට ඔවුන් යෝජනා කර ඇත.

මේ පිළිබඳව පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී විවිධ පරස්පර අදහස් මතුව ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් දැඩි තීන්දුවක් මේ අවස්ථාවේ ගත යුතු යැයි ද මෙහිදී එම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *