පොහොට්ටුව බල්ලා මැරෙද්දි විමල් මැක්කා තව බල්ලෙක් හොයනවා…!

September 5, 2022 at 2:52 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැතිකම්වලින් එළවා දමන තුරු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම ආණ්ඩුවේ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීි නලින්ද ජයතිස්ස පවසයි.

එතෙක් ආණ්ඩුව කළ සියල්ලට අත එස වූ විමල් සහ උදය බල්ලා මැරෙයි කියා දැනගත් පසු පැනගිය බවයි, ඔහු ප්‍රකාශ කළේ.

දැන් පොහොට්ටුව නම් බල්ලා මැරෙන විට මැක්කන් ටික සන්ධානයක් අටවා ගෙන තව බල්ලෙකු හොයා ගැනීමට උත්සාහ කරන බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

මෙම සන්ධානයට පක්ෂ ගණනාවක් එකතු වන බව ප්‍රකාශ කළ ද පැමිණ ඇත්තේ පොත්ත පමණක් බවත් මදය රනිල් වික්‍රමසිංහ සමග බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *