පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කිසිම ජනතා පරමාධිපත්‍යයක් නෑ…! – ජෝෂප් ස්ටාලින්…

December 27, 2022 at 12:17 pm | by emanisa.lk

පසුගිය මාර්තු 31 සිට රට තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සභාගත කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇතැයි ජාතික ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

එහි අරමුණ අරගලයට සම්බන්ධ අය සොය සොයා මර්දනය කිරීම බවට ද ස්ටාලින් චෝදනා කරයි.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනතා පරමාධිපත්‍යයක් නොමැති බවත් 69 ලක්ෂයක ජන පදනමක් ඔවුන්ට නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ලබන වසරේ අරගලය නැවත හිස ඔසවන බවත් එය මර්දනය සඳහා ගනු ලබන මෙම ක්‍රියා මාර්ග සඳහා කිසිසේත් මේ රටේ ජනතාව ඉඩ නොතබන බවත් ජෝෂප් ස්ටාලින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *