පොසොන් පෝයට මිහින්තලා පුදබිමට විදුලිය නෑ..! බැතිමතුන්ට පන්දම් රැගෙන එන්න දැනුම් දෙයි…!

May 25, 2023 at 8:22 am | by emanisa.lk

අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේය.

ඒ මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්වූ අවස්ථාවේය.

පොසොන් උත්සවයේ දී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළ ද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.

මෙහි දී මිහින්තලා විහාරාධිපති ධම්මරතන හිමි කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනාමාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරීමට සිදුව ඇති බවත් බැතිමතුන්ට පන්දම් රැගෙන එන ලෙස දැනුම් දෙන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස