පොලිසිය උතුරම ඉල්ලයි!

January 19, 2019 at 12:48 am | by admin

උතුරු ප්‍රදේශයේ පවතින ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර පවතින සංහිඳියාවේ සුබ ලකුණක් බවට පෙන්නුම් කරමින් මෙතෙක් ඉතිහාසයේ කිසි කලෙක සිදු නොවූ සුවිශේෂී සිද්ධියක් බවට පත්කරමින් උතුරේ සේවය කරන පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම්වලින් දෙසීයකට වැඩි පිරිසක් තව දුරටත් උතුරු ප්‍රදේශයේම සේවය කිරීමට අවස්ථාව ඉල්ලා ස්ව කැමැත්තෙන්ම ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට ලිපි ඉදිරිපත් කර තිබේ.

දිනමිණට වාර්තා වූ මේ තොරතුර සම්බන්ධයෙන් උතුරු ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඒ මහතා එම තොරතුර තහවුරු කරමින් පොලිසියේ විශාල පිරිසක් උතුරේ සිට දකුණට ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව කියා සිටියේය.

ඒ අතර මේ වසරේ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලට ලබා දී ඇති වාර්ෂික ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙසට කිසිදු අභියාචනයක් ඉදිරිපත් වී නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස