පොලිසියට ඕන විදිහට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්න බෑ..! අත්අඩංගුවට ගන්නවා නම් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂට කියන්න ඕන….! – ඩලස් පොලිස්පතිට කියයි…

October 2, 2021 at 9:02 am | by emanisa.lk

ඉදිරියේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මේ බව අනාවරණය වූයේ ඊයේ(31) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කර්තෘ සංසඳය හමුවූ අවස්ථාවේදීය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පැමිණිලක් මත ආරම්භ කළ විමර්ශනයකට අදාළව කර්තෘවරුන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවීමට දැනුම්දීම් කිරීම පිළිබඳව පසුගිය දින කිහිපයේම පුළුල් සංවාදයක් ඇතිවී තිබිණි.

මේ සම්බන්ධයෙන් ඊයේ කර්තෘ සංසදය හමු වූ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අගහප්පෙරුම කියා සිටියේ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ අපහසුතාවට පත්වීම වැනි තත්ත්වයන් ඉදිරියේදී කිසිඳු ආකාරයකින් සිදු නොවන බවට සහතික වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *