පෙරටුගාමි උදුල් ඇතුළු ජනාධිපති නීතිඥයන් 08ක් ඩුබායි යයි! (photo)

February 11, 2019 at 6:49 am | by admin

ප්‍රබල පතාල කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට පත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ පුතු වෙනුවෙන් නීතීඥයෙකු ලෙස පෙනී සිටීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ උදුල් ප්‍රෙමරත්න ඩුබායි බලා ගොස් තිබේ.

මේ වන නීතිඥ උදුල් ප්‍රේමරත්න අමල් ඇතුළු අත්අඩංගුවටපත් පිරිස හමුවී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ. උපුල් ප්‍රේමරත්නට අමතරව මාකදුරේ මදූෂ් ඇතුළු පාතාල සමාජිකයන් පිරිස බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ජනාධිපති නීතිඥවරු 08කට ආසන්න සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇත. කෙසේ වුවද ලංකාවේ රෝම ලන්දේසී නීතිය ක්‍රියාත්මක වුවද ඩුුබායිහි ක්‍රියාත්මක වන්නේ ෂාරියා නීතිය බව ද පැවසෙයි.

ගායක අමල් පෙරේරාට සුදු කැස්බෑවකු පැහැර ගෙන යාම, කෝටි ගණනක් වටිනා දියමන්තියක් පැහැර ගැනීම ආදී චෝදනා ද එල්ල වී තිබේ. මෙහි දැක්වෙන්නේ උදුල් ප්‍රේමරත්න ද ඩුබායි වෙත ගොස් ලබා ගත් ඡායාරූපයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස