පිටකොටුවේ අද හර්තාල්!

February 5, 2019 at 1:48 am | by admin

රේගු නිලධාරීන් දින 6ක් තිස්සේ ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා තමන්ට බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇතැයි පවසන පිටකොටුවේ තොග වෙළෙඳුන් එය විසඳීමට කටයුතු නොකිරීමට විරෝධය පා අද සිය වෙළෙඳසැල් වසා හර්තාලයක නිරත වීමට නියමිතය.

මේ අතර තමන්ට වහා විසඳුම් ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා කටයුතුවලින් ද ඉවත් වී වර්ජන ක්‍රියාමාර්ගයක් වෙත යාමට සිදුවන බව රේගු වෘත්තීය සමිති අනතුරු අඟවන අතර දැනටමත් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වීමේ අවධානමක් ද මතුව තිබේ.
තවත් වෘත්තීය සමිති කිහිපයක් ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස