පාස්කු බෝම්බ කන්න වුණේ 19 නිසයි… ගැහුව එවුනුත් මම දන්නවා..!

March 22, 2024 at 4:43 pm | by emanisa.lk

ජනාධිපති ලෙස තමන් සතු බලතල 19 වෙනි සංශෝධනය යටතේ අඩු කර ගත්තේ කැමැත්තෙන් වුව ද ඒවා වැරදි ලෙස භාවිත කරාවි යැයි තමන් නොසිතූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මේ නිසා වියවුල් තත්ත්වයක් නිර්මාණය වී විපක්ෂය ද ආණ්ඩුව ද තමන්ට පහර දුන් බවත් එහි ප්‍රතිඵලය ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න මෙතෙක් කිසිවෙකු ප්‍රකාශ නොකළ ද තමන් දන්නා බවයි, හෙතෙම සඳහන් කළේ.

අධිකරණය නියෝගයක් ලබා දුනහොත් ඒ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් එය විනිසුරුවරුන් රහසේ තබා ගත යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *