පාස්කු ප්‍රහාරයට මෛත්‍රී වැරදිකරවෙක් නෙමෙයි…!

March 8, 2021 at 6:04 am | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරදකරුවෙකු විය යුතුය යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට තම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කළහ.

එවකට පැවැති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බව ද උන්වහන්සේ පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමක දී එහිමියෝ මෙම අදහස් පළ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *