පාස්කු ත්‍රස්තයින්ට අල්කයිඩා සබඳතා…! ඕස්ට්‍රේලියාවෙන් ඇල්ලූ ත්‍රස්තයෙක් සියල්ල වමාරයි…!

April 22, 2023 at 8:32 am | by emanisa.lk

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණය වෙයි.

ඕස්ට්‍රේලිටානු බලධාරින් අදාළ තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඉදිරියේ ඊයේ (21) කරුණු වාර්තා කර ඇත.

ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත් මාලදිවයින් ජාතික අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා එරට ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීමේදී මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක් නමැත්තා සම්බන්ධයෙන් හෙළිදරව් කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ලබන 25 සහ 28 වැනිදා අතර මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට තම කොට්ඨාසය වෙත මුදා හරින ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන්නැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින තුනක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස