පාසල් ළමුන් පැහැර ගෙන යාමේ සැලසුමක්…! ආරක්ෂාව තර කෙරේ…!

May 11, 2023 at 6:01 pm | by emanisa.lk

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමේ උත්සහයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ පාසල් ඉදිරිපිට සහ මංමාවත්වල මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.

පසුගිය දා වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබා දී එම ළමුන් දෙදෙනා පැහැර ගැනීමට උත්සහ දරා ඇතැත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාළ වෑන් රථය පළා ගොස් තිබිණි.

මේ පිළිබඳව අදාළ පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් මන්නාරම පොලිසියට හා පාසල වෙත දැනුම් දීමෙන් පසුව මන්නාරම් දිසාපති කාර්යාලය, පාසල් විදුහල්පතිවරුන් මන්නාරම පොලිසිය, යුද්ධ හමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් ද සිදුකොට පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමේ වැඩසටහනක් දියත් කොට ඇත.

මේ අනුව, මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන් ම මාවත්වලත් ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය හා යුද්ධ හමුදාව යොදවා ඇති අතර ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිව ම පාරේ ගමන් නොකරන ලෙසට ත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසට ත් ය.

එමෙන් ම, නිවසින් පාසල වෙතට පැමිණෙන විට ද තවත් පිරිසක් සමග පැමිණීමට පියවර ගන්නා ලෙසට ද එසේ ත් නැති නම් නිවසේ වැඩිහිටියෙකු සමග පාසලට පැමිණෙන ලෙසට ද දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පාසල් ළමුන් පැහැර ගැනීමට උත්සහ ගත් පිරිස කවුරුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයන් යුද්ධ හමුදාව සහ පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස