පාලකයෝ රට විකුණලා කාලා බීලා ජොලි කරනවා…! මෙහෙම ගියොත් 2048 දී රට විනාශ වෙනවා…! – කාදනල්තුමා…

July 3, 2023 at 9:37 am | by emanisa.lk

වත්මන් පාලකයින් රට පරිහානියට ඇද දමා හිඟාකන තත්ත්වයට පත්කොට ඇති බව මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා පැවසුව ද ඒවා කළ නොහැකි සිහින පමණක් බවත් කාදිනල්තුමා සඳහන් කළේය.

වර්තමාන පාලකයන්ට දැන් තියෙන වරායවත් පාලනය කිරීමට නොහැකිව එක එක රටවලට විකුණන බව කී කොළඹ අගරදගුරුතුමා, ඔවුන්ගේ ඉලක්කය සමස්ත පමුණුගම තීරයම පිටරටුන්ට විකුණා එම මුදලින් කා බී ජොලි කිරීම බවට ද චෝදනා කළේය.

ඔවුන් මැරීගිය පසුව රටේ අනාගත පරපුරට රොඩු පමණක් ඉතිරි වන බව ද කාදිනල්තුමා සඳහන් කළේය.

මෙහෙම ගියොත් 2048 ක් වන විට රට විනාශ වන බවත් ජනාධිපතිතුමා ජනතාවට බොරු සිහින නොදිය යුතු බවත් අගරදගුරුතුමෝ වැඩි දුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *