පාඩු ලබන රාජ්‍ය ආයතන ආයෝජකයින්ට දෙනවා…! අදාළ ආයතන හඳුනා ගෙන අවසන්…! – කබ්රාල්…

October 8, 2021 at 7:42 am | by emanisa.lk

රජය සතු පාඩු ලබන වත්කම් ආයෝජන වෙනුවෙන් ලබාදීමට බලාපො​රොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

උපාය මාර්ගික වැදගත්කමක් නොමැති රජය සතු එවැනි වත්කම් මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් රජයට මුදල් ගලා ඒමේ එක් ක්‍රමවේදයක් ලෙස ඒවායේ ආයෝජනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *