ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිතීඥයෝ සන්ධ්‍යාට එක්වෙති! ඥානසාර හිමිට සමාව දීමට එරෙහිව කඳවුරු බඳියි!

January 31, 2019 at 7:03 am | by admin

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.

කෙසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ නම් සංවිධානය ද එරෙහි වී තිබේ.

එම විරෝධතාව දක්වමින් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.ඒ අනුව ඥානසාර හිමට ජනපති සමාව ලබාදීමට ප්‍රථමව ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *