ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ විකිණීම නෙමෙයි…! – මුදල් රාජ්‍ය ඇමැති…

April 11, 2023 at 11:24 am | by emanisa.lk

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

“ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාරිය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. තෙල් ගෙනන්න එක අපට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. තෙල් සුලබ කිරීම. අපිට තිබෙන විනිමය හිඟය නිසා තමයි තාමත් අපිට යම්කිසි පාලනයක් ඇතිව තෙල් ටික නිකුත් කිරීමට සිදුවෙලා තියෙන්නේ.

මේ තුළින් අංක 1කට අපි කරන්න සූදානම් වෙලා තියෙන්නේ, තෙල්වල හිඟය නැති කරලා සුලබ කිරීම. දැන් මේකේ සඳහන් වෙනවා නේ සමාගම්වලට තෙල් අඩු මිලට විකිණීමට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒක තමා වැදගත්ම දේ. මේ කාලේ පවතින ඒකාධිකාරය බිඳිලා නිර්මාණය වන තරගය තුළින් ඒ ලාභය ජනතාවට ලබා දීම.

තුන්වෙනි එක රජයට ලබන මෙතෙක් අලාභ වෙනුවෙට ඉතා පහසුවෙන් මේ සමාගම් තුළින් නිශ්චිත බදු මුදලක් ආදායමක් ලබා ගැනීම. මේ රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහත කිරීම යම් නිශ්චිත හොඳ පියවරක් ලෙස අපිට පෙන්වන්න පුළුවන්.”

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *