පළමු දේශීය අයිස් නිෂ්පාදනාගාරය වටලයි.. දෙදෙනෙක් අත්අඩංගුවට…!

May 15, 2024 at 10:43 am | by emanisa.lk

යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය සඳහන් කරයි.

යාපනය පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය සකස් කිරීම සඳහා යොදා ගන්නා ලද ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව අදාළ ස්ථානය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ නිවසට මුද්‍රාතබා ඇති අතර කොළඹින් රසායන ද්‍රව්‍ය විශ්ලේෂකයින් කැඳවා විශ්ලේෂණය සිදුකිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *