පළමුව ජනාධිපතිවරණය… අපේක්ෂකයා මම…! – ජනපති බැසිල්ගේ මුහුණට ම කියයි…

March 30, 2024 at 9:24 am | by emanisa.lk

මහ මැතිවරණය මුලින් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා එකඟ කර ගැනීමට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

කෙසේ වුව ද ඒ සාකච්ඡාවේදී ජනාධිපතිවරණය මුලින් පවත්වන බවත්, සිය සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමන් ජනාධිපතිවරණයට තරග කරන බවත් රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂට කෙලින්ම පවසා තිබේ.

එහි දී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ රට ගැන හිතන්නේ නම් පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ අර්බුදය අවස්ථාවේ රට භාර ගත් තමන්ට ජනතාව එරෙහි නොවනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *