නිලධාරිනියන්ට පහර දී හිරෙන් පනින තැතක්! කාන්තා රැඳවියන් අටක් අත්අඩංගුවට!

November 13, 2020 at 1:13 pm | by emanisa.lk

බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනකුට පහරදී අත් පා බැඳ දමා පළා යාමට තැත් කළ කාන්තා රැඳවියන් අට දෙනකු කුරුවිට බන්ධනාගාරයේදී ඊයේ (12) අත්අඩංගුවට ගැනිණි.

නිලධාරිනියන් දෙදෙනා සතුව තිබූ දොරවල් කිහිපයක යතුරු ද ඔවුන් විසින් පැහැරගනු ලැබ තිබිණි.

මෙම රැඳවූවන් අට දෙනාම මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවෝය. ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට කුරුවිට බන්ධනාගාරයට මාරු කළ අයයි.

මෙම රැඳවියන්ගේ පහර කෑමට ලක්වූ නිලධාරිනියන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *