නිදහස් සැමරුමට ඇරයුම් නැති වුණාට වීරයා මහින්දයි!

January 30, 2019 at 6:03 am | by admin

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

වසර 30කට අධික කාලයක් තිස්සේ මෙරට යුද්ධයක් සිදු කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබාදුන් මේ රටේ පස්වැනි විධායක ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට 71 වැනි ජාතික නිදහස් දින උත්සවයට ආරාධනා නොකිරීමෙන් මේ ආණ්ඩුවට තිබෙන ‘රාජපක්ෂ’ භීතිකාව වඩා හොඳින් පෙන්නුම් කෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පවසයි.

මීට පෙර වසර 4දීම පැවැති ජාතික නිදහස් දින උත්සවවලට එවකට විපක්ෂ නායකව සිටි දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතාට ආණ්ඩුව ආරාධනා කළේ ඒ මහතා විපක්ෂයේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ භූමිකාව සිදු කළ නිසා එනම්, ක‍ෙඩි ගිය නිසා බවද අනුරුද්ධ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ මහතාට මෙම ආණ්ඩුව ජාතික නිදහස් දින උත්සවයට ආරාධනා නොකළාට රටේ අති බහුතරයක් පොදු මහජනතාවගේ නිදහසේ වීරයා මහින්ද රාජපක්ෂ මහතා බව තමා ආණ්ඩුවට සිහිපත් කර දෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස