නිදහස් දා උතුරේ විරෝධතා! යාපනය සරසවියේ කළු කොඩිත් ඔසවයි! TNA උතුරේ නිදහස් උළෙල වර්ජනය කරයි!

February 4, 2019 at 10:47 am | by admin

ජාතික නිදහස් දිනයට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ අද දින (4) කළු කොඩි ඔසවා ඇතැයි වාර්තා වෙයි. උතුරු නැගෙනහිර ඉඩම් නිකුත් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම මෙම විරෝධයට හේතුව බව එහි සිසුන් පවසා තිබේ.

මේ අතර උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ද වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන් පවත්වා ඇති වබ වාර්තා විය.

වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති උතුරු ජාතික දින සැමරුම සඳහා කිසිදු පාර්ලමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතන නියෝජිතයකු සහභාගී වූයේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස