නැවුම් අවුරුදු බලාපොරොත්තු සඵල කර ගැනීමේ අධිෂ්ඨානය පෙරදැරිව අවුරුදු සමරමු….! – ජනපති ගෝඨාභය…

April 14, 2021 at 2:13 pm | by emanisa.lk

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ අවුරුද්දේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කරයි.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේය.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *