නව ව්‍යවස්ථාව සිංහලෙන් ඒ්කීය! දෙමළෙන් සන්ධීය! ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව පට්ට ගසයි.

January 19, 2019 at 1:18 am | by admin

යෝජිත ව්‍යවස්ථාව ඒ්කීය යැයි බොරු ලේබල් අලවන බවත් මේ ආකාරයට වචන හොරකම් කරන අරුත් හොරකම් කරන දේශපාලන තන්ත්‍රයක් මේ රටේ හෝ මේ ආසියාවේ මහ පොළොවේ මින් පෙර නොතිබූ බව ජනාධිපති නිතිඥ මනෝහර ද සිල්වා පවසයි.

මහ මැතිවරණයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය ඊයේ කොළඹ දී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ කීවේය.

“වර්තමාන ව්‍යවස්ථාවේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජය ඒ්කීය රාජ්‍යයක් වේ කියලා. මේ වගන්තිය වෙනස් කරලා මධ්‍යම මහ පළාත්බද ආයතනවලින් සමන්විත ඒ්කීය රාජ්‍යයක් කිව්වාට ඒ්ක ඒ්කීය රාජ්‍යයක් වෙන්නේ නෑ. ඒ් විතරක් නෙමේ ඒ්කීය රාජ්‍යයක්/ඔරුමිත්තනාඩු කියලාත් කියනවා. මේ ආණ්ඩුවට අනුව ලංකාව සිංහලෙන් ඒ්කීය, දෙමළෙන් සන්ධීය.”

“ඔවුන් කියනවා බුද්ධාගමට හිමි තැන වෙනස් කරන්නේ නෑ කියලා. වර්තමාන ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා. මොවුන් ජනරජය කියන වචනය හෙමිහිට කපලා දානවා. එතකොට ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ. ඒ් කියන්නේ ඔබත් මමත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා. කාදිනල්තුමාත් ප්‍රමුඛස්ථානය දෙනවා. හැබැයි ආණ්ඩුව දෙන්නේ නෑ.”

“මෙහෙම අරුත් හොරකම් කරන වචන හොරකම් කරන දේශපාලන තන්ත්‍රයක් මේ රටේවත් මේ ආසියාතික මහ පොළොවෙවත් තිබිලා නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස