නව කැලණි පාලම කඩා වැටීමේ අවධානමක…! කෝටි 28ක ඇණ මුරිච්චි කුඩ්ඩෝ ගලවලා…!

July 14, 2023 at 11:47 am | by emanisa.lk

ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බව ද අනාවරණය වී තිබේ.

මීට අමතරව මත් කුඩු බොන පුද්ගලයන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බව ද අනාවරණය වී ඇත. එම මාර්ගයේ ආරක්ෂිත දැල් පවා කපාගෙන ගොස් යකඩවලට විකුණා ඇතැයි හෙළිවී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත.

මෙම ප්‍රදේශය අධි-ආරක්ෂිත කලාපයක් කරන්නැයි එම කාරක සභාවේ සභාපති සරත් වීරසේකර යෝජනා කර තිබේ. මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත.

නව කැලණි පාලම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 නොවැම්බර් 24 දා විවෘත කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *