නටාෂා වෙනුවෙන් සාලිය පීරිස් අධිකරණයට…!

May 29, 2023 at 10:50 am | by emanisa.lk

නටාෂා එදිරිසූරිය බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් භික්ෂූන් වහන්සේලා 15කට අධික පිරිසක් සහ තවත් පිරිස් පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

නටාෂා එදිරිසූරිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ පිරිසක් පෙනී සිට තිබේ.

සැකකාරිය අදාළ ප්‍රකාශය සිදුකොට ඇත්තේ හුදෙක් ප්‍රහසනය සඳහා පමණක් නිසා ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස සාලිය පීරිස් ඇතුළු නීතීඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වුව ද අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකාරිය එළඹෙන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.

නටාෂා එදිරිසූරියට රටින් පළා යාමට අනුබල දුන්නේ අරගලයට සම්බන්ධ නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු බවට ද පසුගියදා කීර්ති රත්නායක චෝදනා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *