ද. ආසියාවේ විශාලතම සැපයුම් මධ්‍යස්ථනය ශ්‍රී ලංකාවේ…!

April 22, 2023 at 8:50 am | by emanisa.lk

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරායෙහි ස්ථාපිත කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබේ.

එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම් අතර සමසේ බෙදී යයි.

එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392ක් වන අතර එය ගොඩනැගීමට නියමිතව ඇත්තේ කොළඹ වරාය නගරයට ආසන්නයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස