දේශීය කිරිපිටි ටොන් 500ක් ගබඩාවල..!

August 4, 2023 at 11:24 am | by emanisa.lk

පැලවත්ත කිරි සමාගම සතුව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ටොන් 500ක් අලෙවි කරගත නොහැකිව ඇතැයි එම සමාගම් ආරංචි මාර්ග පවසයි.

පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක පවසන්නේ රජය කිරිපිට ආනයනය සඳහා අවසර දීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

කෙසේ වුව ද මෙරට දෛනික එළකිරි අවශ්‍යතාව ලීටර ලක්ෂ 12 ක් වුවත්, දිනකට නිෂ්පාදනය කෙරෙන්නේ ලීටර ලක්ෂ 5-6 ත් අතර ප්‍රමාණයක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *