දේශබන්දුට එරෙහිව කාදිනල් අධිකරණයට…!

December 30, 2023 at 10:04 am | by emanisa.lk

දේශබන්දු තෙන්නකොන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු සහ අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන් වේ.

රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංගවලින් හෙබි අයෙකුට බවත් ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සම්හි වැඩි දුරටත් දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *