දේශපාලනයේ පිය පුතුවාදය පවතින තුරු රටට සුගතියක් නෑ

January 24, 2019 at 7:38 am | by admin

රටේ සෑම සියලු ක්ෂේත්‍රයක ම පියපුතු උරුමය නොව තරගකාරීත්වය දැනුම පදනම් කරගෙන අවස්ථාව ලැබුණා ද දේශපාලන ක්ෂේත්‍රයේ පියපුතු උරුමයට තැන ලැබීම අර්බුදයක් බවත් එම ප්‍රශ්නය විසඳා ගන්නා තුරු රටට අනාගතයක් නොමැති බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

“දේශපාලනයේ අපට කරන්න තියෙන වැදගත්ම පරිවර්තනය තමයි කුසලතාවදයට හැකියාවට මුල් තැන දෙන තත්ත්වයක් ඇති කිරීම. එහෙම වුණාම මේ රටේ දේශපාලනය ඉබේම ගොඩනැඟෙනවා. ශ්‍රේෂ්ඨ සංගීත ශිල්පියෙක් වන වික්ටර් රත්නායක ගිය තැනට එතුමාගේ පුත්‍රයන්ට යන්න බැරි වුණා. විශිෂ්ට නළුවෙක් වන ගාමිණි ෆොන්සේකාගේ පුතාත් රඟපෑවා. නමුත් පියා ගිය තැනට යන්න බැරි වුණා. අර්ජුන රණතුංගගේ පුතා ක්‍රිකට් ගැහුවාට ඔහුට බැරි වුණා අර්ජුණ රණතුංග වෙන්න. ඒ මේ ක්ෂේත්‍රවල කුසලතාවට දැනුමට අවස්ථාව ලැබෙන නිසා. අහවලාගේ පුතා කිව්වාට මේ ක්ෂේත්‍රවල අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එහෙම පළවෙනියා වෙන්න පුළුවන් එකම ක්ෂේත්‍රය දේශපාලනය. මේ ප්‍රශ්නය විසඳගන්න කල් අපේ රටට අනාගතයක් නෑ.” යැයි ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස