දේවගැති ජෙරම්ට වඩා චීවරධාරියෝ බෞද්ධාගමට හානි කරනවා…! – ඕමල්පේ සෝභිත හිමි…

May 27, 2023 at 10:31 am | by emanisa.lk

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට වඩා බෞද්ධාගමට හානි කරන අය සිවුර දාගෙන ශාසනය තුළ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිළිපිටිය බෝධිරාජාරාමයේ දී පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත උන් වහන්සේ මේ අදහස් පල කළහ.

“ජෙරම් ප්‍රනාන්දුට දඩුවම් දිය යුතුයි. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. ඒත් ඊට වඩා සිවුර දාගත්ත ශාසනයට එක්තු වූ අය මේ ශාසනය විනාශ කරන අයට ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කිසිද පියවරක් ගෙන නැහැ. දළදා වහන්සේගේ මිල මුදල් සම්බන්ධයෙන් පොතක් ලියල තියෙනවා. ඒකේ කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන්.

මේ සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් මොනවා ද කරල තියෙන්නේ. උන් වහන්සේලා මේක දන්නවද. ඒ අයට දුන්න දඩුවම් මොනවද. මේවා බුද්ධ සාසනයට ගැලපෙනවද. මේව ගැන හොයනවද

මොනවද මහ නායක හිමිවරුන් ගන්නා ලද තීරණය කුමක්ද. ජෙරම්ගෙන් සිදුවන හානියට වඩා හානියක් සිවුර දමාගෙන ඉන්න ශාසනය තුළ ඉන්න උදවියගෙන් සිදු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස