දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න TNA කිසිවක් කර නෑ…! – අධිකරණ ඇමැති…

December 4, 2023 at 7:02 pm | by emanisa.lk

සැවොම එක්වී, රටේ ජාතික සමගිය ඇති කරන්න හදන මොහොතේ,මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වී ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඇමැතිවරයා අද (4) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

“උතුරු නැගෙනහිරට කරපු සේවාවෙන් 1/1000 වත් කළ අය මෙම පාර්ලිමේන්තුවේ නැහැ. ඉන්දියාවේ සිට පැමිණි 12,800කට වැඩි ජනතාවක් උතුරේ හිටියා.

ඔවුන්ට උප්පැන්න සහතිකයක් හෝ හැඳුනුම්පත් තිබුණේ නැහැ. නැගෙනහිර එවැනි ජනතාව 3000ට වැඩිය හිටියා. ජංගම සේවා පවත්වා එම ගැටලු විසඳීමට අපි කටයුතු කළා. එක ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක්වත් මෙම ගැටලු විසඳීමට මැදිහත් වුණේ නැහැ.

උතුරේ සිටින දෙමළ ජනතාව අදටත් ඉල්ලන්නේ සාමය. පාර්ලිමේන්තුවේ සිටින මෙම මන්ත්‍රීවරුන්ගේ මතය නෙමෙයි, ද්‍රවිඩ ජනතාවගේ මතය වෙන්නේ. මේ අයගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තමයි, මේ අය කටයුතු කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *