දූෂණ චෝදනා නිසා සමාගම් ආපසු හැරේ..! අඩු මිලට ගල් අඟුරු ගේන්න පාඨලීට අවස්ථාව…!

September 21, 2022 at 11:29 am | by emanisa.lk

මෙරටට ගල් අඟුරු සැපයීමට ඉදිරිපත් වූ අයතනය මේ වන විට එය ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් ගල් අඟුරු මිල දී ගැනීමට අලුතින් ටෙන්ඩර් කැඳවීමට සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

පාර්ලමේන්තුවේදී ඊයේ (20) හෙතෙම මේ බව පැවසීය.

“අපි පසුගිය කාලයේ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගම ඒ ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්න දැන් කැමති නෑ. මේ රටේ ඇතැම් කණ්ඩායම් ලබා දුන් වැරදි අර්ථකථන සහ චෝදනා නිසා එය ක්‍රියාත්මක නොකරන්න සමාගම තීරණය කර තිබෙනවා. ඒ නිසා අපට දැන් අලුතින් ටෙන්ඩර් කැඳවන්න වෙලා තිබෙනවා.

ලබන ඔක්තෝබර් මාසයේ ඒ ගල්අඟුරු තොගය ලැබිය යුතුව තිබුණත් අපට දැන් සිදුවෙලා තිබෙනවා ලබන බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩලයට ගල්අඟුරු මිල දී ගැනීමේ යෝජනාව අලුතින් ඉදිරිපත් කරන්න.

ඒ සමාගම්වලින් දැන් අලුතින් ඉල්ලීම් කරන්න වෙනවා. ඒ නිසා මම දැන් ඉල්ලීමක් කරනවා පාඨලි චම්පික මන්ත්‍රීතුමාගෙන් එතුමා කිව්වා ගල්අඟුරු අඩුවට ගන්න පුළුවන් කියලා. ඒ ගල්අඟුරු ටෙන්ඩරය ලබාදෙන්න දැන් එතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *