දළදා මැදුරට පහර දී 21 වසරයි!

January 25, 2019 at 5:35 am | by admin

බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන් පහර දී අද දිනයට 21ක් වසරක් සපිරෙයි.

මරාගෙන මැරෙන කොටියකු පදවා ගෙන පැමිණි බෝම්බ ලොරියක් දළදා මාලිගාවේ ඉදිරිපස ගැටෙන්නට සලස්වා පුපුරුවා ගත්තේ 1998 ජනවාරි 25 වන දිනය.

එදින උදෑසන 6.10ට පමණ එල්ල වූ එම ප්‍රහාරයෙන් 17දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 25කට අධික පිරිසක් තුවාල ලැබීය. ප්‍රහාරයෙන් දළදා මැදුරේ ඉරිපස පත්තිරිප්පුව ප්‍රදේශයට හානි වුව ද දළදා කරඬුවට කිසිදු හානියක් නොවිණි.

මෙම ප්‍රහාරයට පසු දළදා මැදුර නැවත ප්‍රතිසංස්කරණය කළ අතර ප්‍රහාරයේ සුන්බුන් සහ ඡායාරූප එකතුවක් දළදා මැදුර පිටුපස කෞතුකාගාරයේ දැකිය හැකිය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 11කට පසු එනම් 2009 වසරේ ශ්‍රී ලංකාවට කොටි සංවිධානය පරාජය කිරීමට හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස