දළදා මාළිගාවේ කැඩුණු බැම්ම බලන්න සජිත් යයි…!

January 9, 2021 at 12:40 pm | by emanisa.lk

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී ඇති අතර එය නිරීක්ෂණය කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) එම ස්ථානය වෙත පැමිණියේ ය.

ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ මීටර් 10ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබේ.

මේ පිළිබඳව විපක්ෂ නායකතුමාගේ විශේෂ අවධානය යොමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *