දවසට වේල් දෙකක් කන්න ලේස්ති වෙන්න…! – රනිල්…

June 4, 2022 at 7:22 am | by emanisa.lk

යුක්රේන රුසියා යුද්ධය නිසා  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (3) පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්තා පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා  යුක්රේන රුසියා  යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාව තවමත් අත්විඳ නැතැයිද මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇති වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇතැයි කීය.

මෙම ගෝලීය ආහාර අර්බුදය ට අමතරව  ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වී ඇතැයි ද එම නිසා ඉතා ඉක්මනින්ම  ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රකිමු  ජයතු ලංකා සංවිධානයේ “ද්විත්ව අර්බුදය “නැමැති සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *