තලතා හරීන් කපුකම හරි යයි!තිස්ස නැවත එජාපයට!

January 26, 2019 at 8:56 am | by admin

හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පසුගිය කාලයේ නව දේශපාලන පෙරමුණක් ඇති කිරීම සඳහා පුළුල් සාකච්ඡා ආරම්භ කර තිබුණි.

සාකච්ඡා කර නව පෙරමුණ ඇති කර ඒ සඳහා කාර්යාලයක් පිහිටුවීමට තලංගම සහ නුගේගොඩ ප්‍රදේශවල ගොඩනැගිලි කිහිපයක්ද පරීක්ෂා කර තිබුණි.

නමුත් ඔක්තෝබර් දේශපාලන පෙරළිය සමග තිස්ස තම දේශපාලන පෙරමුණ පිහිටුවීම කල් දැමූ අතර එම දේශපාලන පෙරළිය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙක් තිස්ස හමුවී නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුව පක්ෂය ගොඩනැගීමට සහාය දක්වන්නැයි ඉල්ලීම් කළේය.

රනිල් අරලියගහ මන්දිරය අත් නොහැර අල්ලාගෙන සිටි අවස්ථාවේ තලතා සහ හරීන් තිස්සගේ බෞද්ධාලෝක මාවතේ නිවසට ගොස් පක්ෂයට සහාය දෙන ඉල්ලා සිටියත් තිස්ස ඒ මොහොතේ මහ ලේකම් ධුරය නැවත ලබා දෙන්නැයි ඉල්ලා තිබුණි.

එහෙත් ඒ සඳහා රනිල් අකැමැති වීම නිසා තිස්ස නැවත පක්ෂයට ගැනීම අතරමග නතර වුවත් මීට දින කිහිපයකට ඉහතදී එජාප නියෝජිතයින් දෙදෙනෙක් නැවත කළ සාකච්ඡා අනුව තිස්ස නැවත පක්ෂයට එකතු කර ගැනීමේ අවස්ථාව උදා වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

නමුත් මලික්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් තිස්ස නැවත පක්ෂයට ගෙන ඒමට විරෝධය පළ කරමින් සිටියි. මලික්, කිරිඇල්ල සහ තිස්ස තිදෙනාම මහනුවර දිස්ත්‍රික්කයේ වීමත් තිස්සගෙන් අනතුරුව මහලේකම් ධුරය කබීර්ට් හිමිවීමත් නිසා තිස්සගේ ආගමනය ඔවුන්ට අභියෝගයක්ව ඇතැයි සිතා ඔහුට හරස් කපන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස