තිරිකුණාමල වරාය ලොව ප්‍රධාන වරායක් කරන සූදානමක්!

January 16, 2019 at 5:33 pm | by admin

තිරිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන තමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පිළිබඳ බෙහෙවින් ආඩම්බර වන බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ තම අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ලෝකයේ ප්‍රධානතම ස්වාභාවික වරායක් ලෙසින් සැලකෙන තිරිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරායක් බවට පත් කිරීමට ඇප කැප වන බවත් එහි සංවර්ධන කටයුතු සඳහා නිසි දායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් පැවැසීය.

මේ අවස්ථාවට වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස