තිරිකුණාමල දිස්ත්‍රික්ක ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කරගත්තක් නොව ඊළඟ පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
තිරිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දී සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් යැයි ද හෙතෙම අවධාරණය කළේය.
ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී ඇති වූ විරෝධය සිහිපත් කරමින් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කළේ නම් රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිරිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳව ඊයේ (14) තිරිකුණාමලය ඔර්ස්හිල් එළිමහන් භූමියේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.