තව දුරටත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය සුවිශේෂ නෑ! කොටි පැරදූ නාවික ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් ධුරයට සමාන නිල!

May 3, 2019 at 9:40 am | by admin

කොටි ත්‍රස්තවාදය පරාජය කළ සටනට නායකත්වය ලබා දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ නිලයට උසස් කිරීමට යෝජනා වී ඇත.

ඒ වන විට ගුවන් හමුදාපති ලෙස සටනට නායකත්වය ලබා දුන් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ නිලයට උසස් කිරීමට ද යෝජනා වී ඇත.

නාවික හමුදාවේ ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ සහ ගුවන් හමුදාවේ ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන නිලයන් යුද හමුදාවේ ‘ෆීල්ඞ් මාර්ෂල්’ යන නිලයට සමාන වෙයි.

ජනාධිපතිවරයා අදාළ නිර්දේශයන් ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත මෙම පත් කිරීම් සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස