තවත් ආණ්ඩුකාරවරුන් තුනක් ගෙදර යවයි..! පොහොට්ටුව අලුත් නම් තුනක් යවයි…!

May 21, 2023 at 2:03 pm | by emanisa.lk

අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද නම් තුනක් යෝජනා කර ඇති අතර දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු වෙනස් නොකරන ලෙසට ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.

වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට පසුගියදා පත්කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ එක් නාමයක් බව දැන ගන්නට තිබේ.

ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් පොහොට්ටුව කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇත.

වයඹ උතුර සහ නැගෙනහිර පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී පසුගිය 17 වැනිදා දිවුරුම් දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස